පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවේ නම් ජාත්‍යාන්තර අධිකරණයට යනවා…

 කාදිනල් හිමියෝ මාධ්‍ය හමුවක් කැඳවා කියති...

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අද අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පැවසූහ.

උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බවය.

උන්වහන්සේ එහි දී මෙසේ ද පැවසූහ.


යම් යම් දේවල්වල සත්‍යතාවය අපි සොයාගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට ඒකෙ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්.පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා. ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා මම ඉල්ලුවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා.

මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අසමින්  පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණොත් කාදිනල් හිමියන්   ජාත්‍යන්තර අධිකරණයකට  ගොස් යුක්තිය ඉටු කරගැනීමට කැමති දැයි විමසා සිටියේය.

එහිදී උන්වහන්සේ කීවේ උන්වහන්සේ ඊට සූදානම් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ඔව් මම සුදානම්… අපේ නායකයින් එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ අය යහපත් ප්‍රතිචාරයක් ලබාදෙයි කියලා මේ නඩුවෙන් හා වාර්තාවෙන්. වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්නේ කියලා අපි බලන්නට ඕනේ. එහෙම නොවුනහොත්  ජාත්‍යන්තර සංවිධාන තියෙනවා පිටරටවල. ඒ සංවිධානවල සහයෝගය අපි  කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

Exit mobile version