පාස්කු දින ප්‍රහාර වාර්තාවේ ටයිපින් දෝෂ නඩු මග හරස්කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ (PCOI) අවසාන වාර්තාවේ පළමු වෙළුමේ සිට පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ තොරතුරු පිළිබඳ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති නිසා, එම වාර්තාව පදනම් කරගෙන ඉදිරියේදී නඩු පැවරීමේදී එය බාධාවක් වනු ඇතැයි නීති විශාරදයින්ගේ අදහස බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

නිදසුනක් ලෙස කොමිසමේ අවසන් වාර්තාවේ පරිච්ඡේදයක සඳහන් කරන්නේ 2019 අප්‍රියෙල් 21 වන දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලොජ් හි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි බවත්, 2019 අප්‍රියෙල් 26 වන දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලොජ් හි බෝම්බ පිපිරීමකින් මොහොමඩ් ජමීල් මියගිය බවත් ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පිළිබඳ තොරතුරු වාර්තාවේ පළමු වෙළුමේ අඩංගු වන පරිදි අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් මුලින් ම 2019 අපේ‍්‍රල් 21 වන දින කොළඹ ටජ් සමුද්‍රා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ අතර එදිනම සවස ඔහු දෙහිවල පිහිටි ට්‍රොපිකල් ඉන් තානායම වෙත ගොස් පුපුරණ ද්‍රව්‍ය පාර්සලය පුපුරුවා හැරි බවය.


කෙසේ වෙතත්, කොමිසමේ අවසාන වාර්තාවේ දැක්වෙන්නේ 2019 අප්‍රියෙල් 26 වන දින ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බ පිපිරීමකදී මොහොමඩ් ජමීල් මියගිය බවයි.

කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් පිළිබඳ තොරතුරු සඳහන් වන පරිච්ඡේදයක් ද තිබේ.

හස්තුන් විවාහ වී ඇත්තේ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් සමඟ ය.

එහෙත් ඔහු පිළිබඳ තොරතුරු සඳහන් වන කොමිසමේ වාර්තාවේ ඡේදයකට අනුව සාරා විවාහ වූයේ ‘මිල්හාන්’ සමඟ ය.

මේ පිළිබඳව විමසූ විට නීතිඥවරයකු පැවසුවේ කිසියම් සිදුවීමකට අදාළව සකස් කරන ලද වාර්තාවක නෛතික හෝ කරුණු කාරණා සම්බන්ධයෙන් යම් විෂමතාවයක් තිබේ නම් එම වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමේදී එය ගැටලුවක් වනු ඇති බව ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොමිසමේ නිල කාලය අවසන් බැවින් මුද්‍රණ දෝෂ තිබුණද ඒවා නිවැරදි කළ නොහැකි බව ඔහු පවසා තිබේ.

Exit mobile version