පාසල් ළමුන් ඉලක්ක කළ ගණිකා ජාවාරමක් මාතර දී කොටුවේ..

කොරෝනා නිසා වැඩිහිටි පාරිභෝගිකයන් නෑ... පැකේජ් එක ළමයි 4 දෙනෙකුට රුපියල් 1000 යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර සම්පත්

මාතර නගරයට උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඩැහැගන්න ගණිකා ජාවාරමක් වටලා සැකකාරියන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් විය.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්ට ලැබුණු තොරතුරු මත ඊයේ (19) දින මෙම වැටලීම සිදු කළ අතර  එහිදී ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරයි.
මාතර නගරයෙන් බැහැර දෙනියාය මොරවක ඌරු බොක්ක දෙයියන්දර  රදේශවල සිටි පැමිණෙන පාසල් සිසුන්  වෙත සෘජුව ගොස්  මේ සඳහා පොළඹවාගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව ශිෂ්‍යයකුගේ රුපියල් 1000ක මුදලක් අය කර ගන්නා බවත් රුපියල් දහසක් නොමැතිනම් හතර දෙනෙකු සමඟ එක්වී රුපියල් 1000 ගෙවන ලෙස ද එම සිසුන් දැනුවත් කර තිබේ .
ඒ අනුව එක් අයෙකු රුපියල් 250 බැගින් යොදා රුපියල් දහසක් සොයා ගැනීමෙන් පසු මෙම ගණිකා  පහස ලබා දීමේ ක්‍රමයක් මේ පිරිස ක්‍රියාත්මක කර ඇත.
ඒ හැරුණු විට මාතර නගරයේ බස් රථ රියදුරන් ත්‍රීවිල් රථ රියැදුරන් මෙන්ම ව්‍යාපාරිකයන් ද මෙම ගණිකා ජාවාරම පහසු වී ඇති අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ වැඩිහිටි පිරිස මේ සඳහා යොමු නොවන බැවින් මෙම කාන්තාවන් විසින් පාසල් සහ උපකාරක පන්ති සිසුන් පොළඹවාගෙන තිබේ .
මාතර නගරයේ මේ වන විට ගණිකා වෘත්තිය නේද වෘත්තියේ නියැලෙන කාන්තාවන් 17 දෙනෙකු සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් හතර දෙනා අද (20) පස්වරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version