පාසල් සිසුවාට ගිනි තැබූ සැකකරු ලබන 12 තෙක් රිමාන්ඩ්…  පාදයේ අස්ථි බිඳුමක් නිසා සැකකරු රෝහල්ගත කරලා

අම්පිටියේ පාසැල් සිසුවාගේ  ශරීරයට භූමිතෙල් වත්කොට  ගිනි තැබීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූවැල්ලේ ගෙදර මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නැමැත්තාා ලබන මස 12 වැනිදා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත්වරයා අද (30) නියෝග කළේය.

අත්අඩංගුවට ගත්  ප්‍රධාන සැකකරු පාදයේ සිදුවූ අස්ථි බිඳීමක් හේතුවෙන් මේ වනවිට මහනුවර ජාතික රෝහලේ 24 වැනි වාට්ටුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය  යටතේ ප්‍රතිකාර ගනිමින් සිටී.

ගම්වාසීන් පිරිසකගේ ද සහයෝගය ඇතිව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ  ඔහු පළා යාමට තැත් කිරීමේ දී ඇද වැටීමකට ලක්වීමෙන් මෙම අස්ථි බිඳීම සිදුවී තිබෙන බව පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද මහනුවර ජාතික රෝහලට පැමිණි  මහනුවර මහේස්ත්‍රාත්වරයා සැකකරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව    දෙසැම්බර් මස  12 වැනි දින තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.


Exit mobile version