පාකිස්ථානයේ පාසලක වෙඩි තැබීමෙන් ගුරුවරු 5ක් ඇතුළු 8ක් මරුට!

පකිස්ථානයේ උතුරු පළාතේ ඊයේ (5) සවස Khyber Pakhtunkwa හි පාසලකට නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසල් කාර්ය මණ්ඩලය අට දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රදේශයේ උසස් පාසලක විභාගවලින් පසුව ගුරුවරුන් විසින් ප්‍රශ්න පත්‍ර සකස් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

දිස්ත්‍රික් පොලිස් නිලධාරි මුහම්මද් ඉම්රාන් පවසන පරිදි මියගිය අය අතර පාසල් ගුරුවරුන් පස් දෙනෙකු සහ පාසලේ සහායක කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඇතුළත් වේ. මියගිය සහ තුවාල ලැබූ සියල්ලෝම පිරිමින්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රහාරයට ලක්වූ සියල්ලන්ම ෂියා ඉස්ලාම් ශාඛාවේ සාමාජිකයන් බැවින් ප්‍රහාරයට නිකායවාදී කෝණයක් ඇතැයි පොලිසිය සැක කරන බව තවදුරටත් දිස්ත්‍රික් පොලිස් නිලධාරියා ප්‍රකාශ කොට ඇත.


Exit mobile version