ප්‍රමිතියක් නැති චීන පොහොර රට තුළට ගෙන්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමට සූදානමක්!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි...

රජය විසින් මෙරටට ගෙන්වීමට නියමිත ප්‍රමිතියකින් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99000ක තොගය  ලංකාවට ආනයනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ පවසයි.

අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීමේ  මුල් අදියර ලෙස   අද ( 24)  දින   සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නීතිඥවරයෙක් මාර්ගයෙන්   නිවේදනයක්  යවා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

පොහොර සමාගම් දෙක මගින් මෙරට ප්‍රබල දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සහෝදරයකු විසින් මෙහෙය වන සමාගමක් හරහා මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති අතර එම පොහාර තොගය නියදි පරීක්ෂණයේදී අසමත්ව ඇති බවත් සභාපතිවරයා කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොර තොගය ලංකාවට ආනයනය කළහොත් මෙරට පසට ශාක වලට හා මිනිස් ජීවිතවලට බරපතල විනාශයක් සිදුවන බව  විද්වතුන් පෙන්වා දෙද්දී නෑසූකන්ව ලංකාවට එම පොහාර තොගය ආනයනය කරන උත්සාහය වැළැක්වීම සඳහා මෙසේ අධිකරණයේ පිහිට පැතීමට සිදු වී ඇතැයි ද   සභාපතිවරයා පවසයි.

Exit mobile version