පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් බුද්ධි අංශ විසින් ලබාදුන් අණතුරු ඇගයීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතා නිසි ලෙස ලෙස ක්‍රියාත්මක වී නැති බව නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා විසින් පාස්කු කොමිසම හමුවේ අද කරුණු අනාවරණය කළේය.
එම බුද්ධි අංශ තොරතුර ලැබෙන විට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා සේවයේ නිරතව සිටියේ ගම්පහ දිස්ත්‍රික් භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. කටුවපිටිය දේවස්තානය පිහිටියේද ඔහුගේ වසමේය.
ප්‍රහාරය එල්ලවීමට දින දෙකකට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු ලැබ ඇති බවත් මෙවන් බරපතල බුද්ධි තොරතුරකින් අනතුරු ඇගයීමක් කර තිබියදී ඔහුට නිවාඩු අනුමත කළේ කවුරුන්දැයි කොමිසමේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්විය.
ඔහු නිවාඩු ලැබ ගිය පසු වැඩ බැලීමට පත්කර ඇත්තේ වසන්ත වික්‍රමසිංහ මහතාවය. කොමිසම හමුවේ ඔහු තමන්ගම්පහ දිස්ත්‍රික් භාරව වැඩ බැලීමට පැමිණි පසු ප්‍රහාරය වලක්වා ගැනීමට කළ සේවය ගැන කරුණු දීර්ඝ ලෙස විග්රහ කරනු ලැබීය. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කල්තියා ලද එම බුද්ධි තොරතුර සම්බන්දයෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව අනාවරණය වන්නේ එහිදීය.
ඍජු අනතුරු හැඟවීමක් ඒ බුද්ධි තොරතුරේ නෑ…
කතෝලික දේවස්ථාන වල පියතුමන්ලා දැනුවත් කළේ නැත්තෙ
මහජන කැලඹීමක් ඇති නොවන ලෙස කටයුතු කරන කී නිසා
දේශබන්දු කියයි
පාස්කු ප්රාහාරයට අදාලව බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය මගින් සෘජු අනතුරු ඇගවීමක් සිදු නොවන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි
පාස්කු ප්රාහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ශි ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.
මේ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ආරක්ෂක අමාත්‍යාංශය ආදී පාර්ශව දැනුවත්ව සිටි බවත් මේ සම්බන්ධව පොලිසියේ ඉහල නිළධාරීන්ගේ සිට පහළ නිළධාරීන් දක්වා යෑමේදී නිසි බරතැබීමක් සිදු වී නොමැති බවත් ඔහු කීය.
සැකකරුවන්ගේ නිජබිම වශයෙන් නැගෙනහිර පළාත හදුනාගෙන තිබියදීත් ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා දැනුවත් කර නොමැති බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කීය.
මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී විවිධ කොන්දේසි පනවා ඇතිබවත් මහජන කැලඹීමක් ඇති නොවන ලෙස කටයුතු කරන එහි දක්වා තිබූ බැවින් කතෝලික දේවස්ථාන වල පියතුමන්ලා දැනුවත් වත් කිරීමට පියවර නොගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය