ප්‍රමෝද්‍ය චාමිකව පතුරු ගසමින් ක්‍රිකට් ලේකම්ට යැවූ ලිපිය මාධ්‍යයට යෑම පසුපස කුමන්ත්‍රණයක්?

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න පිළිබඳව තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා වෙත යවන ලද ලිපියක් සමාජ ජාල හරහා ප්‍රචලිත වීම ගැන ප්‍රසිද්ධ නීතිවේදීන් පිරිසකගේ අවධානය යොමුව ඇතැයි ලංකාසරට වාර්තා වේ.

ප්‍රමෝද්‍ය විසින් එහි නගා ඇති චෝදනා ඒක පාර්ශ්වීය වීමත් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මත චාමිකට ඒ සඳහා පිළිතුරු දීමට නොහැකි වීමෙන් ඔහුට වන අගතිය හා ක්‍රිකට් ලේකම්ට පුද්ගලිකව යවන ලද ලිපියක් සමාජ ගත කිරීම සිදුකළේ කවුද යන්න පිළිබඳවත් කරුණු සළකා බලා චාමික වෙනුවෙන් නීති මගට යොමු වීමටත් ඔවුන් කටයුතු කරන බව සැලවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඕස්ට්‍රේලියානු සංචාරය තුළ සිදුව ඇති සිදුවීම් සොයා බැලීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් දැනටමත් විශ්‍රාමික විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

Exit mobile version