පස්සර බස් අනතුරින් 14ක් මරුට

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මාරක අනතුරෙන් මේ වනවිට පුද්ගලයන් 14 දෙනෙක් මිය ගොස් තිබේ.  අනතුරින් තුවාල ලැබුවන් සංඛ්‍යාව 32ක් බව පස්සර මුලික රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

අද පෙරවරු 7.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙසේ අනතුරට ලක් විය.  බස්රථය අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් තිබිණි.

බසරථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් පෙරළී තිබුනේ පස්සර 13 කණුව ප්‍රදේශයේ දීය.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතු වී ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරට ලක් වූ බස් රථය

Exit mobile version