පස්කන්දට යට වී මිය ගිය එකම පවුලේ සිවු දෙනාගේ සිරුරු සොයා ගනී.

කීර්ති ප්‍රනාන්දු –

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ දී අද (05) අලුයම පස් කන්දක් නිවසක් මතට කඩා වැටී පස් කන්දට යටවීමෙන් අතුරුදන් වී සිටි එකම පවුලේ 04 දෙනාගේ සිරුරු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා මාවනැල්ල පොලිසිය පවසයි.

ඒ අනුව පස් කන්දට යටවී මිය ගොස් ඇත්තේ 57 හැවිරිදි පියාගේ සහ 23 හැවිරිදි දියණියගේ මල සිරුරු අද උදේ වරුවේ සොයාගත් අතර දහවල් වනවිට 51 හැවිරිදි මවගේ සහ පුතාගේ සහ තරුණ පුතාගේ ද සිරුරු සොයා ගත් බව මාවනැල්ල පොලිසිය සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.




මේ අතර වරකාපොල අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තවත් අයෙක් මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ එම පුද්ගලයා ජීවත් වූ නිවසට අවට පැවති අවදානම් තත්වය නිසා ඔහුට එම නිවසින් ඉවත් වීමට නියෝග ලබා දී තිබුණ ද ඔහු ඉවත් නොවූ බවය.

Exit mobile version