පල්ලිවලින් හමුවූ කඩු ගෙනා තීන්ත සමාගමට ගැන පරීක්ෂණ යට ගැසීම ගැටලුවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට මුස්ලිම් පල්ලිවලින් සොයා ගැනුණු විශාල කඩු තොගය මෙරටට ගෙන්වා බෙදා හැර ඇත්තේ මෙරට පුමුඛ පෙළේ සන්නාමයක් සහිත තීන්ත අලෙවි කරන සමාගමක් බව අනාවරණය වුවද මෙම විමර්ශනය විවිධ බලපෑම් මත යටගිය බව වාර්තා වේ.

මෙම සමාගම මෙවැනි කඩු 6000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙනවිත් ඇති බවත් ඒවා උක් ගොවීන් සඳහා අලෙවි කිරීමට ගෙන්වු බව ප්‍රකාශ කෙරුණද උක් ගොවීන් තම ගොවි කටයුතකුවලදී එවැනි ආයුධයක් භාවිත නොකරන බවද මෙම මූලික විමර්ෂණවලදී හෙළිදරව් වී තිබේ.

කෙසේ වුවද පසුගි රජයේ මෙන්ම වර්තමාන රජයේද දේශපාලකයන් සමඟ මෙම සමාගමේ හිමිකරුවන් අතර පවතින සමීප සබඳතාව නිසා මෙම විමර්ෂණ අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා නොගොස් අතර මඟ ඇණ හිටියේද යන්න පිළිබඳව මේ වනවිට දැඩි කතා බහක් ඇතිව තිබේ.


මෙම කතාබහ යළි මතුවීමට හේතු වූයේ පසුගියදා අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ හමුවූ කඩු 6000ක් ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශක ඉදිරියට නොයාම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළ අතර එයින් උන්වහන්සේ ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථානවලින් සොයා ගත් කඩු සම්බන්ධ විමර්ශන සිදු කරන ලෙසය.

මෙම පෙත්සම විභාගයට තීරණය කළ අභියාචනාධිකරණය ඒ අනුව මෙම පෙත්සම විභාගය ලබන මාර්තු මස 05 වැනිදා සලකා බැලීමට තීන්දු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලිකව සිදු කෙරුණු විමර්ශනවලදී  මෙම කඩු තොගය ගෙන්වූ සමාගම කොළඹ පිටකොටුවේ පිහිටි ගබඩා දෙකක ගබඩා කොට මුස්ලිම් දේවස්ථාන වෙත ඒවා බෙදා දී අති බව අනාවරණය විය.

Exit mobile version