නෙළුව පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මරුට… පොර බදනකොට වෙඩි වැදුන බව පොලිසිය කියයි!

murder

ලලිත් චාමින්ද –

නෙළුව පොලිසියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි මිය ගිය පුද්ගලයා කොස්තාපල්වරයෙකුගේ පිස්තෝලය උදුරා ගත් බවත් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින් සහ පුද්ගලයා අතර ඇතිවූ පොරබැදීම අතර පිස්තෝලය පත්තු වී ඔහුට වෙඩි වැදී මිය බවත්ය.

සිද්ධිය වාර්තා වන්නේ අද පස්වරුවේ නෙළුව මැදගම ප්‍රදේශයේ දීය.
පොලිසිය කියන පරිදි පොරබැදීම අතර වෙඩි වැදීම නිසා මියගොස් ඇත්තේ තිබ්බොටුවාවිලකන්ද ,කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවු අයෙකි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ලගතබා ගැනීම සම්බන්දයෙන් මිට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු අයෙක් බව පොලිසිය කියයි.

නෙළුව මැදගම ප්‍රදේශයේ තේ ඉඩමක තිදෙනෙකු මත්ද්‍රව්‍ය පානය කරණ ලද බවට ලද තොරතුරකුට අනුව නෙළුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇති බව කියයි.


මිය ගිය පුද්ගලයා පොලිස්කොස්තාපල්වරයකුගේ පිස්තොලය උදුරගෙන ඇත්තේ එහිදී බව පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය පුද්ගලයා සමග මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව කියන අනෙක් පුද්ගලයින් දෙදෙනා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ලයාගේ මෘතදේහය මැදගම රෝහලට රැගෙන ගොස් ඇත.

Exit mobile version