නුවර තවත් අඹුසැමි යුවලක් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි…

covid-death

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අඹුසැමි යුවළක් මරණයට පත්ව තිබේ.

කොවිඩ් නියුමෝනියා තත්වය උත්සන්න වීමෙන් මෙම මරණ සිදුව තිබෙන බවට වෛද්‍යවරු තහවුරු කර ඇත.

තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක්හැවිරිදි සැමියා සහ හැට පස් හැවිරිදි බිරිය මෙලෙස මරණයට පත්ව තිබේ. කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගම මොවුන් මහනුවර ජාතික‌ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇත.

අනතුරුව බිරිය පසුගිය ජූනි මස 17 වැනි දිනත් සැමියා ජූලි මස 04 දිනත් මරණයට පත්ව තිබේ.

ඔවුන්ගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු අද (08) මහයියාව ආදාහනාගාරයේදි සිදුකර කිරීමට නියමිතය.

මධ්‍යම පළාතේ කොවිඩ් වෛරස් ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව ඊයේ (07) වන විට 29032 ක් දක්වා ඉහළ ගොස් ඇත. මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 15,564කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,634 දෙනෙකුද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,834දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාතෙන් ඊයේ (‍07) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 දී නව ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ මහනුවරින් 41ක් නුවරඑළියෙන් 14ක් හා මාතලෙන් 02 ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 733 කි.මහනුවර දිස්ත්‍රික්කයෙන් 469 ක් මාතලෙන් 119 ක් හා නුවරඑළියෙන් 145ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Exit mobile version