නීතිය දෙබිඩි ද?. GMOAට දුන් තීන්දුව ප්‍රශ්න කර වෛද්‍යවරු පිරිසක් අධිකරණයට යෑමට සූදානම්!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ වාර්ෂික විධායක කමිටු නිලවරණය පවතින සුදුසු දිනයකට කල් දමන ලෙසත්, නිලවරණය පැවැත්වෙන තුරු විධායක කමිටු සභිකයින්ගේ  හෝ ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට මැදිහත් නොවන ලෙසත්  2021 ජූනි මස 21 වැනිදා නියෝගයක් නිකුත් කළ  විනිසුරුවරයාම ලබන 29 දා පැවැත්වෙන නීතිඥ සංගමයේ තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම සම්බන්ධව ප්‍රශ්න කරමින් රජයේ වෛද්‍යවරුන් පිරිසක් අධිකරණයට යෑමට සූදානම් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් එම සංගමයේ  නිලවරණය පසුගිය ජූනි මස 26 දා පැවැත්වීම වළක්වන ලෙසට  නියෝගයක් නිකුත් කරන්නැයි    දිසා අධිකරණයට ගොනු කළ පෙත්සමක් විභාග කරමින්        එම නියෝගය ලබා දී තිබුණේ  කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසිනි.

පවතින කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඡන්දය සුදුසු දිනයකට කල් දැමීමට එහිදී විනිසුරුවරයා නියෝග කළේය.


නිලවරණය පැවැත්වෙන තුරු විධායක කමිටු සභිකයින්ගේ  හෝ ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට මැදිහත් නොවන ලෙසද විනිසුරුවරයා සෙසු පෙත්සම්කරුවන්ට නියෝග කළේය.

පවතින තත්ත්වය මත  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ නිලවරණය සුදුසු දිනයකට කල් දමන ලෙසයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය නියමිත කාලයට පවත්වා ගැනීම සඳහා අධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කර තිබුණු   වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මේ තත්වය තුළ කොළඹ නීතිඥ සංගමයේ සභාපති විජය ගමගේ  අමතමින්  එම නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සඳහා නිරෝධායන  සහ  රෝග නිවාරණ නිසි බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇති ආකාරය ගැන තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන යටතේ    විමසීමක් කර ඇත.

ඉහත නිලවරණය සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිසි අවසරයක් ලබා ගෙන තිබේද යන්න දන්වන ලෙසත්, එසේ ලබා ගත්තේ නම් එහි සහිතක කළ පිටපතක් ලබා දෙන ලෙසත්, අවසර ලබා නොගත්තේ  නම් ඊට හේතුව පැහැදිලි කරන ලෙසත්, අදාල ප්‍රතිපාදන යටතේ නිලවරණය පැවැත්වේ නම් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයේ සහතික කළ පිටපතක් ලබා දෙන ලෙසත්  ඉල්ලමින් යැවූ එම ලිපියේ පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය කල් දැමීමට නියෝග කළ ද කොළඹ නීතිඥ සංගමයේ නිලවරණයෙහි තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන දිසා විනිසුරු අරුණ අලුත්ගේ  වෙත ද යවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පොදු නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වන්නේ තමන්ට ලැබෙන විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනුව 4000කට අධික පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණයට ගෙන්වා පවත්වන්නට යන මෙම නිලවරණය සඳහා සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නෛතික අවසරය ලබාගෙන නැති බවය.

 

Exit mobile version