නිරෝධායන නීතිවලට යටත් අලුත්ම මැතිවරණ අත්දැකීම අගෝස්තු 2 සතියේ…..

මල් මාලා දැමීම්, සිප වැළඳගැනීම්, බෑ… ජනතාව දැනුවත් කිරීම මීටරය පරතරයකින්… ඇඟිලි පාට කරන්නෙ නෑ…  ඡන්ද ගැනීම ඡන්ද මධ්‍යස්ථානයේ දී….

පාර්ලිමේන්තු මහ මැතිවරණය නිරෝධායන ක්‍රමවේදයන්ට අනුගත වෙමින් අගෝස්තු මස දෙවැනි සතියේ දී පැවැත්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් මේ සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මහ මැතිවරණය පැවැත්වීමට අදාල පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාග කිරීම අවසන් වූ වහාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සිය කොමිෂන් සභාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


මීට පෙර පැවති මැතිවරණවලට වෙනස්ම ආකාරයකට මෙවර මැතිවරණය පැවැත්විමට සැලසුම් කර ඇත්තෙ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ දී ඇඟිල්ල සලකුණු කිරීම වෙනුවට වෙනත් විශ්වාස දායක ක්‍රමවේදයකට යෑමට සිදුවනු ඇති බව ඡන්ද ගණනය කිරීම ඡන්ද මධ්‍යස්ථානයේ දීම සිදුකරණු ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ දී සිප වැළඳ ගැනීම්. මල්මාලා දමා අපේක්ෂකයන් පිලිගැනීම් ආදිය සිදු නොකළ යුතු අතර ජනතාව දැනුවත් කිරීමේ දී සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන නිර්දේශවලට අනුගතව ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළ යුතු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

Exit mobile version