නිරෝධායන කළ ඇඟළුම් සේවිකාවන් 250ක් හාමතේ… සෞඛ්‍ය ගැටලු රැසකටත් මුහුණ දීලා…

කටුනායක ඇවරියවත්ත, අමන්දොලුව, දඹතුරේ ප්‍රදේශවල පිහිටා ඇති  තාවකාලික නවාතැන් තුළ නිරෝධායනය කර සිටින 250කට ආසන්න ඇගළුම් සේවිකායන් පිරිසක්  බරපතල සෞඛ්‍ය ආර්ථික හා මානසික ගැටලු ප්‍රමාණයකට මුහුණ දී ඇතැයි ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ හෙළිදරව් කරයි.

නිරෝධායනය කර ඇති සමූහයේ එක් එක් අය විටන් විට කොවිඩ් ආසාදිතයන් වීම නිසා සති ගණනාවක් තිස්සේ එක දිගට නිරෝධායනයට ලක් වෙමින් සිටින මෙම සේවිකාවන් පිරිසට මූලික ආහාර ද්‍රව්‍ය සැපයීමේ නිශ්චිත ප්‍රතිපාදන පවා නොමැති බවත්, අනාරක්ෂික සෞඛ්‍ය තත්ව තුළ මේ පිරිස් නිරෝධායනය කිරීම බරපතල තත්වයක් බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා  දෙයි.

“මෙම හැම බෝඩිමක්ම ඉතාම පටු වාතාශ්‍ර නැති තැන්. ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නෑ…  එක් බෝඩිමක් තිබුණා ගැහැණු ළමයි 30ක් ඉන්නවා. එක වැසිකිලියයි පාවිච්චි කරන්න පුලුවන් විදිහට තිබුණේ. එක ෂවර් එකයි තිස් දෙනාටම නාගන්න තියෙන්නෙ. එකම ළිඳෙන් වතුර ගන්නෙ. ෆැක්ටරිවලින් ආහාර ද්‍රව්‍ය ටිකක් ගෙනත් දුන්නොත් ඇරෙන්න මේ අයට ආධාර කරන්න ප්‍රතිපාදන නෑ කියලා තමයි ග්‍රාමසේවක නිලධාරීන්ගෙන් ඇහුවම කියන්නෙ. මේ වගේ තත්වයක් තුළ හිර කරලා වගේ නිරෝධායනයකට ගියාම ඇතිවන මානසික තත්වය හරිම වෙනස්.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන සෞඛ්‍ය පරීක්ෂවරයෙක් ලංකාසරට කීවේය. එමෙන්ම වැටුප් නොලැබීම නිසා නිරෝධායනය වෙමින් සිටින සමහර ගැහැනු ළමයින්ට  නවාතැන් කුලී ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත්,  ඔවුන් එම නවාතැන් වලින් පන්නා දැමීමට සමහර නවාතැන් හිමියන් කටයුතු කළ අවස්ථා පොලිසිය හා සෞඛ්‍ය අංශ මැදිහත් වී නවත්වාගත් බවත් ඔහු පැවසීය.

 

 

 

Exit mobile version