නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ පුද්ගල මරණ දෙකක් කටුගස්තොටින් වාර්තා වේ…

නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ කාන්තාවකගේ හා පිරිමි අයෙකුගේ  මරණ දෙකක් කටුගස්තොටින් වාර්තා වේ.

පිරිමි පුද්ගලයා සෝමාලියාවේ සිට පැමිණ නිරෝධායනය නිමවා නිවසේ   පසු වුණු පුද්ගලයෙකි. 52 හැවිරිදි මේ පුද්ගලයා කටුගස්තොට රණවන පදිංචිව සිට ඇත. ඔහු  සෙම රෝග තත්වයක් උත්සන්න වී කටුගස්තොට රෝහලට ඊයේ (05) ඇතුළත් කර ඇති අතර අද උදෑසන අසාධ්‍ය වී  11.15ට පමණ මිය ගොස් ඇත.

කාන්තාව වැරැල්ලේලගම කරඬුවාවල පදිංචි අයෙකි. 58 හැවිරිදි  ඇය නිරෝධායනය වෙමින් සිටිය දී අද උදෑසන නිවසේ දී මියගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කරඬුවාවල පදිංචි තරුණයෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා නිරෝධායනය කළ දෙවන පෙළ ආශ්‍රිතයෙක් ලෙස මෙම කාන්තාව නිරෝධායනය කර තිබී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

 

Exit mobile version