නියෝජ්‍ය කථානායක ධුරයට විපක්ෂයෙන් සියඹලාපිටියමයි!

නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීම සඳහා අද දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී සිදුවන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා දැනට විපක්ෂය විසින් හිටපු නියොජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ම පත් කිරීමට යෝජනා වී ඇති බව ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායමේ සාමජිකයකු වන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු පවසන්නේ  නියොජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ සියඹලාපිටිය මහතා අද දින විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත අතර ඔහුගේ නම එම ධුරය සඳහා යෝජනා කිරීමේ එකඟතාවක් දැනට පවතින බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ වනවිට රජයේ පාර්ශ්වයෙන් නියෝජ්‍ය කථානායකවරයකු සඳහා නමක් යෝජනා වී නැති අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමෙන් පසුව මේ පිළිබඳව තීරණයක් ගැනෙනු ඇති බව වාර්තා වේ. එලෙස රජයේ පාර්ශවයෙන්ද නමක් යෝජනා වුවහොත් රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳව උරගා බැලීමේ හැකියාවක්ද පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.


Exit mobile version