නවසීලන්ත අන්තවාදියා ගැන මෙරට හිතවතුන්ගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි

නවසීලන්තයේ සුපිරි වෙළඳසැලක්‌ තුල සිදු වූ සිදුවීමට ශ්‍රී ලාංකිකයකු සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් මෙම තැනැත්තා පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්‌ එම තැනැත්තාට සමීප තැනැත්තන්ගෙන්‌ තොරතුරු ලබා ගනිමින්‌ සිටින බවට පොලිස් මූලස්ථානය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත වාර්තා වී ඇති තොරතුරු අනුව එම සිද්ධියේ දී මියගියා යැයි සැකකරන තැනැත්තා අවසන්‌ චරට 2011 වර්ෂයේ දී ශිෂ්‍යයෙකු වශයෙන්‌ ශ්‍රී ලංකාවෙන්‌ පිටව ගිය බවට හෙළි වී ඇති බව ද ‍පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Exit mobile version