නවසීලන්ත අගමැතිනිය හදිසියේ ඉල්ලා අස්වේ!

jasinda-ardern

නවසීලන්තයේ යකඩ ගැහැණිය ලෙස හැඳින්වුණු එරට අගමැතිනි ජසින්ඩා ආඩර්න් හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.

ඊයේ පැවැති සිය පත්ෂයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මේ බව නිවේදනය කළ ඇය පවසා තිබුනේ තමන්ට අගමැති ධුරයේ කටයුතු කරගෙන යාමට තවදුරටත් හැකියාවක් නැති බවයි. ඇයගේ ධුර කාලය ලබන පෙබරවාරි මස 07 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ඇය පවසා තිබුණේ ධුරයෙන් සමුගැනීමට දැන් සුදුසු කාලය බවයි.

“ මම ධුරයෙන් ඉවත්වනවා. හේතුව මෙවැනි වරප්‍රසාද ලත් තනතුරක් සමඟ දැඩි වගකීමක් මට පැවරුණා. මේ රට නායකත්වටයට ලබා දීමට සුදුසු ද යන්නත් එක් වගකීමක්ත මම හිතන්නේ දැන් මා නායකත්වයට සුදුසු නෑ. මෙම රාජකාරියේ බරපතලකම මම දන්නවා. ඒ බරපතල රජජකාරියට සාධාරණය ඉටු කිරීමට තරමේ ශක්තියක් දැන මට නැහැ. ඒක හරි සරල කරුණක්“

“ධුරයේ කාල සීමාව තුළ මට කරගෙන යාමට අවශ්‍ය දේ මම සොයා ගත හැකි වේ යයි මම බලාපොරොත්තු වුණත් අවාසනාවකට, මට එසේ වුණේ නෑ. මේ රාජංකාරිය දිගටම සිදු කිරීම දිගටම කරගෙන යාමට නවසීලන්තයට අගෞරව කිරීමක් .” ඇය පවසා තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


42 හැවිරිදි ජසින්ඩා ආර්ඩන් ගේ දුර කාලය ලබන ඔක්තෝබර් මාසය දක්වා පැවතුණද ඇය මේ අනුව පෙරවාරි මස 07 වැනිදායින් පසුව සිය ධුරයේ කටයුතු නිමා කරනු ඇත

Exit mobile version