දොඩන්දූවේ දී එන්නත්කරණය විවේචනය කළ තරුණයා පොලිසියට ගෙන්වයි!

මම කතා කළේ මිනිස්සු වෙනුවෙන්... සියලුම වීඩියෝ සාධකත් එක්ක ඇත්ත හෙළි කරනවා... මාධ්‍යයට කියයි

ලලිත් චාමින්ද –

දොඩන්දුව  රෝහණ විද්‍යාලයේ  ඉකුත් 27 වැනිදින පැවති එන්නත්කරණ වැඩසටහනේ දි කලහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලද  අල්බරදුරගේ මහේෂ් ප්‍රසන්න  නැමැති තරුණයා  අද (31) නිතිඥයින් පිරිසක් සමග ගාල්ල පොලිසියට පැමිණියේය.

පොලිසියට පැමිණ මේ  සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදෙන ලෙස මොහුට  දන්වා තිබුණි.  පොලිසියෙන් ලද දැනුම් දිමට අනුව  මොහු නිතිඥයින් පිරිසක් සමග ගාල්ල පොලිසියට පැමිණියේය.   

පොලිසියට යෑමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් මහේෂ් ප්‍රසන්න මෙසේ කිවේය.


“ ඉකුත් 27 වැනිදින එන්නත් ලබා ගැනිම සඳහා මා සහ බිරිය රෝහණ විද්‍යාලයට පැමිණියා. උදේ ඉඳලා හවස්වෙනකම් හිටියා.  නමුත්  එන්නත් කරණය කරගන්න මට බැරිවුනා. එන්නත්ලබාදිම පිළිබඳ  ජනතාව තුළ ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තිබුණා.  එහි සිටි නිලධාරින් සමග   මා කථා කළා. ජනතාවට ආසාධාරණකම් කරන්න  එපා කියලා කිවා. බෙහෙත් විදින්නේ නැහැ ඔයා යන්න කියලා මට කිවා. 

මේ ගැන ජනතාවටත් මා කිවා. ඔවුන් ඒ ගැන අප්‍රසාදය පලකළා. මා කිවා  මෙක ආසාධාරණ වැඩක් කියලා. හික්කඩුවේ එම් ඕ.එච් එකේ නිලධාරින් බෙහෙත් විදින්නේ නැතිව එම බෙහෙත් අරගෙන  ගියා. ජනතාව වෙනුවෙන් තමයි මා කථා කළේ. එන්නත් සම්බන්ධව. තියෙන වැරදි  විඩියෝපට සමග සාක්ෂි සහතිව මා ඉදිරිපත් කරණවා“ ඔහු කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිතිඥවරුන්වන  කමල් සොයිසා  හා ජයන්ත ජයවිර සමග ඔහු පොලිසියට පැමිණ සිටියේය.

Exit mobile version