දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුවට අවශ්‍ය නිර්දේශ එවන්න… පොලිස් අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවා කොමිසම ඉල්ලයි!

බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   ස්ථානමාරු කිරීමට අදාල නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ රජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමිනි.

අරගලකරුවන්ට පහරදීමේ විමර්ශන  මුල්කරගෙන දේශබන්දු තෙන්නකෝන්ට ස්ථානමාරුවක් ලබාදෙන ලෙසට මුලින්ම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

විවිධ හේතූන් නිසා පොලිස්පතිවරයා විසින් එම ස්ථානමාරුව ලබානොදීමට පියවර ගත්තේය. ඒ ගැන  අධිකරණයේදී පවා දැඩි කථාබහකට ලක්විය. ඒ අනුව පොලිස්පතිවරයාව අධිකරණයට කැඳවා නිදහසට කරුණු විමසනු ලැබීය. පොලිස්පතිවරයා අධිකරණයට එහිදී දන්වා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ස්ථානමාරුවීම් කිරීමට තමාට බලයක් නොමැති බවත් රාජ්‍ය සේවා කොමිසම සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට එම බලය ඇති බවත්ය. ඒ අනුව තමන් ලේකම්වරයා සහ රාජ්‍ය සේවා කොමිසම දැනුවත්කර ඇති බවද සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් අගහරුවාදා රැස්වූ රාජ්‍ය සේවා කොමිසමේ අවධානය මෙම කරුණ පිළිබදව ලක්ව ඇති බව සඳහන්ය. දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරුකරනුයේ කුමන ස්ථානයකටදැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් නිර්දේශ ඉල්ලා ඇත්තේ ඒ අනුව බව කොමිසමේ තොරතුරු  සඳහන් කළේය.

Exit mobile version