දේවානිට මීගමුවේ මිනිස්සු හූ කියති…

dewani

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලකට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය.

එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවට වූ පැමිණිල්ලක් අනුව ධීවර ඇමති ඩග්ලස් දේවානන්නදා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දේවානි ජයතිලකට මෙම විරෝධතාවය එල්ල විය.
දේවානී ජයතිලක හෝටල් ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවට චෝදනා කළ පිරිස ඇයගෙන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ දී තමන්ට ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි බවත් ප්‍රකාශ කළ හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් පමණක් බවත් ඇය කියා සිටියාය.
ඒ අවස්ථාවේදී රැස්ව සිටි පිරිසෙන් අයෙක් ඇය හූ කීහ.

Exit mobile version