දැඩි ආරක්ෂ කුටිවල හුදකලා කරන්න තවත් අපරාධකරුවන් 10ක් බූස්සෙ යවලා

මොනතරම් හුදකලා කළත් ෆෝන් පාවිච්චිය නවත්තන්න බෑලු

බන්ධනාගාරගතව සිටියදීත් මත්කුඩු ජාවාරම සහ පාතාල අපරාධකළ බව කියන අපරාධකරුවන් වන, කොළඹ රිමාන්ඩ් බන්ධනාගරතව සිටි ගගන හා චුව්වා සමන්ත, බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි දෙමටගොඩ චමින්ද, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කුඩු තිලාන් හා රොටුඹ රසික, කලුතර බන්ධනගාරයේ රඳවා සිටි මැක්ස් මංජු, අගුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඕළු මරා, මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ආමි සම්පත්, මහර බන්ධනාගාරයේ රඳවා සිටි ලලිත් පිංතු හා ගොත අසංක යන අපරාධකරුවන් මෙතෙක් සිටි බන්ධනාගාරවලින් ඉවත් කර බූස්ස බන්ධනාගරය වෙත යොමු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

මෙලෙස මාරුකළ රැඳවියන් හුදකලා සිර මැදිරිවල රඳවා තබා ඇති බවත් ඔවුන් වෙනත් කිසිම රැඳවියෙක් හා සම්බන්ධ නොකරන බවත් එම ආරංචිමාර්ග කියයි. ඔවුන්ව දිනකට මැදිරියෙන් එළියට ගන්නේ පැයක් පමණක් බව කියයි. මීට පෙර අවස්ථා කීපයක දී වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක ඇතුළු තවත් ප්‍රභල අපරාධකරුවන් 14 දෙනෙක් මේ අයුරින්ම බූස්සට මාරු කර යැව්වේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තරම් දැඩි ආරක්ෂණ ක්‍රමවේද තිබියදීත් මේ පුද්ගලයන් දුරකථන භාවිත කරන ආකාරය මෙම මැදිරිවල කළ සෝදිසි මෙහෙයුම් වලදී ආනාවරණය වූ බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි.


Exit mobile version