ද්විත්ව පුරවැසියන්ගෙන් මේ රටට හොඳක් මිසක් නරකක් සිද්ධ වුනේ නෑ…. හානියක් වුනා නම් පෙන්වා දෙන්නැයි සාගර අභියෝග කරයි!

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ගේ රටට වූ හොඳක් මිසක හානියක් නොමැති වගත්, ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව නීති ගෙන ආ යුත්තේ ඉන් රටට හානියක් වෙන්නේ නම් පමණක් බවත් මාධ්‍ය ඇමතූ පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්  පවසයි.

Sagara-Kariyawasam
සාගර කාරියවසම්

මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මෙලෙස පැවසූ ඔහු සඳහන් කළේ එවන් හානියක් සිදු වී ඇත්නම් එය පෙන්වා දෙන ලෙසයි.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි යැයි තර්ක විතර්ක ගෙන ආවේ බැසිල් රාජපක්ෂ නිසා බවත් ඔහු දේශපාලනයට පැමිණීම වැළැක්වීම එහි අරමුණ වූ බවත් ඔහු මෙහිදී පැවසීය.

“තිබ්බේ බැසිල් රාජපක්ෂ භීතිකාවක්. ඒ හින්දයි මේ ද්විත්ව පුරවැසිභාවය ගැන ප්‍රශ්න කළේ.. අපි මතයක හිටියේ පුද්ගලයින් දිහා බලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නෑ කියලා.. කිසිම විදියකට කාටවත් පෙන්නලා දෙන්න බෑ ද්විත්ව පුරවැසියන්ගේන වුණු හානියක්.. එහෙම හැකියාවකුත් නෑ..


මේ ලෝකේ දියුණු යැයි සම්මත රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශය ජර්මනිය පවා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට නායකත්වයට පැමිණීමට පවා අවසර දෙනවා.. දූපත් ළිං මැඩි මානසිකත්වේ ඉන්න අපේ රටේ අය ඒකට බයයි.

පහුගිය යුද්ධය කාලේ, ජේවීපී කලබල කාලේ අපේ රටේ බුද්ධි ගලනයක් සිද්ධ වුණා.. දැන් අපේ රටට බුද්ධිමත් කොටස් ඕනේ.. ඔවුන්ට එන්න තියෙන අවස්ථාව අහුරනවා නම් අපි ඉදිරියට යන්නේ කොහොමද..?”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් අදහස් පළ කරමින් සඳහන් කළේය.

Exit mobile version