දළදා පෙරහර නැරඹීමට ජනතාවට විවෘතවන ලකුණු

ජනතාවට විවෘත නොවනු ඇතැයි පැවසුන මහනුවර දළදා පෙරහර නිරෝධායන නීති ආරක්ෂා කරමින් සීමිත පිරිසකට හෝ නැරමීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු වී ඇතැයි අස්ගිරි පාර්ශව ආරංචි මාර්ග පවසයි.

පවතින තත්වය යටතේ දළදා පෙරහර පවත්වන බවත් එය සැලසුම් වන ආකාරය පිළිබඳ සාකච්ඡා වෙමින් ඇති බවත් දියවඩන නිලමේ නිලංග දෑල පැවසීය.

මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමත් ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා පෙරේදා (14) මහනුවරට පැමිණ ඇතැයි වාර්තා වේ.


මේ තත්වය මත නැටම් කණ්ඩායම්, අලි ඇතුන්, අඩකට අඩක් සීමා කරමින් පෙරහර කටයුතු සංවිධානය කිරීමට සැලසුම් කරන බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන නීති රකිමින් දළදා පෙරහරේ සියලු සංස්කෘතිකාංග පවත්වා ගැනීමට සැලසුම් කර තිබේ.

Exit mobile version