දරුවන් සම්බන්ධකරගෙන එන්නත් අත්හදා බලන්න බෑ… විද්වත් කමිටුව හොඳම දේ තීරණය කරයි… සෞඛ්‍ය අංශ කියයි!

vaccine

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය අමාත්‍යංශයේ විද්වත් කමිටුවේ නිර්දේශයන් ලැබුණු වහාම වයස අවුරුදු 18ට අඩු දරුවන්ට එන්නත් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

ළමුන් ඉලක්ක කර ගනිමින් ලෝකයේ කිසිදු රටක් එන්නත් අත්හදා නොබලන බැවින් ළමුන් සම්බන්ධයෙන් පවතිනුයේ ඉතා සුළු දත්ත ප්‍රමාණයක් බැවින් එම දත්තයන් නිවැරදිව අධ්‍යනය කිරීමෙන් අනතුරුව විද්වත් කමිටුව තීරණයට එළඹෙනු ඇතැයි ද විශේෂඥවරයා පැවසීය.

ලොව පුරා නව ප්‍රභේදයන් බිහිවුණද එන්නත මගින් වැට කඩොලු බැඳ නොහැකි නමුත් ඕනෑම ප්‍රභේදයකින් ආරක්ෂා විය හැති හොඳම හා පහසුම ක්‍රමය වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පමණක් යැයිද ඔහු අවධාරණය කළේය.

Exit mobile version