දරුවන්ගේ එන්නත්කරණයට දෙමව්පියන්ගේ ලිඛිත කැමැත්ත අනිවාර්යයි!

vaccine

දරුවන්ගේ  භාරකරුවන්ගෙන් අවසරයක් නොමැතිව කිසිදු දරුවෙකු එන්නත්කරණය ට ලක් නොකරන බව රිජ්යේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය ජ‍ී. විජේසූරිය සඳහන් කරයි‍.

විවිධ සංකූලතා සහිත සහ විවිධ ආබාධ සහිතදරුවන්ට එන්නත් ලබා දීම ලබන 24වෙනිදා සිට රිජ්වේ ආර්යා ළමා රෝහලින් ආරම්භ කරන අතර එහිදී එන්නත ලබා දීමට පරෙ දරුවාගේ භාරකරුගෙන් ඒ සඳහා කැමැත්ත ලිඛිතව ලබාගැනීමට කටයුතු කරන බවද  අධ්‍යක්ෂවරයා පැවසීය.

මුල්වටයේ දී දරුවන් 100කුගෙන් ආරම්භ කරන එන්නත්කරණ වැඩ පිළිවෙළ සදහා ඉදිරියේදී දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිකිරීමට කටයුතු කරන බවද හෙතෙම අවාධාරණය කළේය.  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත ලබාදිමට ප්‍රථම අදාල විශේෂඥ වෛද්‍යවරයා විසින් තම සායනය තුළදි දරුවාගේ භාරකරුවන්ට දැනුවත් කිරීමට කටයුතු කරන අතර මාධ්‍ය මගින්ද දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව වෛද්‍ය විජේසූරිය  සදහන්කරයි. 

 

Exit mobile version