තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි!

ආර්ථික සහයෝගීතාව වැඩි කරගැනීමට ජනපති ඝානා සහ රුවන්ඩා ජනාධිපතිවරුන් සමග ද සාකච්ඡා පවත්වයි!

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ද ඊට සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කළ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ   ද සහභාගි වූවාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු පැවසී යයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.


ෙමේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවට සමගාමීව පැවති ‘Fireside Chat’ වැඩසටහන සඳහා   මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ   සහභාගී වී ඇත. ‘Fireside Chat’ වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අදාළ විවිධ කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඝානා ජනරජයේ ජනාධිපති නානා අකුෆෝ-ඇඩ්ඩෝ (Nana Addo Dankwa Akufo-Addo)   අතර හමුවක් ද ඊයේ (05) සිදු වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී නායකයින් සාකච්ඡා කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ (Paul Kagame)   ද ඊයේ හමු වී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වි ඇති අතර විශේෂයෙන් කෘෂිකර්ම හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින නව ආයෝජන අවස්ථා සොයා බැලීමට එකඟතාව පළ කර ඇත.

දෙරටේම අදාළ අමාත්‍යවරුන් දෙරට අතර සංචාරය කරමින් ඒ පිළිබඳ ඉදිරි  සාකච්ඡා පැවැත්විමට ද තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රි ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ස්වභාවික විපත්වලදී කඩිනමින් ක්‍රියාත්මකවීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්හි සහාය රුවන්ඩාවට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එකඟතාව පළ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෙලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ   ද මෙම හමුවට එක් වූහ.

 

Exit mobile version