තිලීපන් සමරන්න ගිය මන්ත්‍රී ගජේන්ද්‍රන් පොලිස් අත්අඩංගුවේ…

දිනසේන රතුගමගේ –

සංචරණ ඇදිරි නීතිය හා නිරෝධායන නීති කඩ කරමින් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී තිලීපන් සමරු උළෙලක්  පැවැත්වූ  දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්   ඇතුලු තුන් දෙනෙකු යාපනය පොලීසිය විසින් අද ( 23 ) අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග පැමිණ තිලීපන් සමරු ස්මාරකය අසල කපුරු දල්වමින් තිලීපන්ගේ ගුණ සැමරීමට ගිය අවස්ථාවේදී එතැනට පැමිණි පොලිස් නිලධාරීන් කිසිදු සැමරුම් උළෙලක් පැවැත්විම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව ප්‍රකාශ කළත් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස බලහත්කාරයෙන් සමරු උළෙල පැවැත් වීමට උත්සාහ කළ අවස්ථාවේදී  අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් පිරිස පොලිස් වාහනවල නංවා ගෙන පොලීසිය වෙත රැගෙන යන අවස්ථාවේදී තිලීපන් සැමරුම් උළෙලට සහභාගී විමට පැමිණි පිරිසෙන් කීප දෙනෙකු පොලීසියට බාධා කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය විසින් එම පිරිස පලවා හැර මන්ත්‍රීවරයා ඇතුලු තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version