තායිවානය අවට යකා නටන චීනයට ඇමරිකාව දෙහි කපයි

Nancy Pelosi

චිනය තායිවානය මූලික කරගෙන ඉතා ප්‍රකෝපකාරී සහ වගකීම් විරහිතව කටයුතු කරනු ලබන බවට ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. තායිවානයට ආසන්න මුහුදු සහ ගුවන් සීමා වල චීන ප්‍රහාරක යානා සහ යුද නැව් පෙරහුරු කිරීමත් සමඟ එක්සත් ජනපදය විසින් මේබව ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ කතානායිවාව වූ නැන්සි පෙලෝසි තායිවානයේ කළ සංචාරයත් සමඟ චීනය මෙලෙස තායිවානය ආසන්නයේ යුධ අභ්‍යාස කිරීමට වර්ධනය කර ඇත. චීනය විසින් තායිවානය තමන්ට අයත් භූමි ප්‍රදේශයක් ලෙස සලකණු ලබන අතර තායිවානයට ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කිරීමට ඇති අවස්ථාවට චීනය දිගින් දිගටම බාධා කරමින් සිටියි.

ඒ අනුව මෙම තත්ත්වය අනුව සිව්වන දිනයටත් ක්‍රියාත්මක චීනයේ යුධ අභ්‍යාවස වලට ප්‍රතිචාර වශයෙන් තායිවානය සිය ප්‍රහාරක ගුවන්යානා සහ යුධ නැව්ද දියත් කිරීමට පියවරගෙන ඇත.


තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ චීන නැව් සහ ගුවන් යානා සති අන්තයේ තායිවාන සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සිදු කළ අතර ඇතැම් ප්‍රහාරක යානා තායිවානය සහ චීන වෙන් කරන නිල නොවන ප්‍රදේශය හරහාද ගමන් කර ඇති බවයි.

මේ අතර තායිවාන හමුදාව ඉරිදා උදෑසන ගුවන් යානා සහ නැව් කිහිපයක් පිටත් කර යැවීම සිදු කළ අතර එහිදී තම දිවයින්ට සත්‍ය වශයෙන්ම ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට මුහුණ දෙස අකාරයට අභ්‍යාස සිදු කළ බව තායිවාන ආරක්ෂක අංශ සඳහන් කළේය.

තායිවාන අගනුවර වූ තායිපේ හි මාධ්‍යවේදීන් අමතමින් තායිවාන අග්‍රමාත්‍යවරවා පවසා ඇත්තේ කලාපීය ස්ථාවරත්වය අඩපන කිරීම සඳහා චීනය ”උඩඟු ලෙස” මෙම අභ්‍යාස භාවිතා කරන බවයි. එමෙන්ම චීන පාර්ශවයෙන් සංයමයෙන් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි ඇත.
කෙසේ බීජිං පාලනය විසින් මෙම නවතම අභ්‍යාස පිළිබඳව අදහස් දක්වා නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් ධවල මන්ධිර ප්‍රකාශිකාව පවසා ඇත්තේ චීනය විසින් කලාප තුල උණුසුම් තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බවයි.
”මෙම ක්‍රියාකාරකම් පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය දරන ප්‍රයත්නයක්. එම ක්‍රියාවන් ප්‍රකෝපකාරී, වගකීම් විරහිත සහ අවදානම මතු කරයි,” යනුවෙන් ප්‍රකාශිකාව පවසා ඇත.

Exit mobile version