ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතට නිර්දේශ දෙන්න සියල්ලන්ට ඇරයුම්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නිරීක්ෂණ හා නිර්දේශ ලබා දීමට සියලු පාර්ශ්ව වෙත විවෘතව ආරාධනා කරන බවත් ඒවා ලබන 05 වැනිදාට පෙර ලබා දෙන ලෙසත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

එමෙන්ම ඒ පිළිබඳ විද්වත් කමිටු සාකච්ඡාවක් ලබන 5, 6, 7 යන දිනවලදී කොළඹ 7 බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේ දී පැවැත්වීමට ද නියමිත ය.

අගෝස්තු මස 6 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කෙටුම්පත සම්බන්ධයෙන් වන නිරීක්ෂණ හා නිර්දේශ එම ස්ථානයේ සිටින අදාළ නිලධාරීන්ට ලිඛිතව භාරදීමට අවස්ථාව සලසා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.


ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත මේ වන විට www.mbs.gov.lk දරන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිර්මල බුද්ධ ධර්මය සුරක්ෂිත කොට අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමේ අරමුණින් ත්‍රිපිටක සංරක්ෂණ පනත පැනවීම සුදුසු බවට ඉදිරිපත් වූ ඉල්ලීම් මත මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version