තහවුරු නොකළ තොරතුරක්… මත්තල ගුවන්තොටුපළ ආරක්ෂාව හදිසියේ දැඩි වේ!…

සූරියවැව – නුවන් ජයසේකර

අද පෙරවරුවේ සිට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට  සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

තංගල්ල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට   ගෙන්වා ඇති අතර ඔවුන් මේ වනවිට ඔවුන් ස්ථානගත කොට ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මෙසේ හදිසි ආරක්ෂාවක් එම ගුවන් තොටුපලට යොදවා ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තොරතුර තහවුරු කළ එකක් නොවුණද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස එසේ එම ආරක්ෂාව දැඩි කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

 

Exit mobile version