තහනම් වල්නාශක බෝට්ටුවලින් ලංකාවට – මන්ත්‍රිනි රෝහිණි කවිරත්නගෙන් අනාවරණයක්

පසුගිය කාලයේ කහ තොග පිටින් නීති විරෝධීව මෙරටට ප්‍රවාහනය කළ බෝට්ටුවලින් මේ වනවිට මහ කන්නයට අවශ්‍ය වල් නාශක ආදිය නීති විරෝදි ලෙස මෙරටට ගෙන්වීමට පටනේ ගෙන ඇති බවත් කිසිදු ත්ත්ව පරීක්ෂාවකින් තොර ලියාපදිංචි නොකළ මෙම වල් නාහක නීති විරා්දි අයුරන් පැමිනීම දැඩ අනතුරක් බවත් සමගි ජනබලවේගයේ පමාතලේ දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

කීඩෑ උවදුර මඩින්න කෘෂි රසායන නැති නිසා කැරූණෑගල ගොවියෝ කඹුරු ගිණි තියනවා. රටට කුඩු – කහ ඇදපු බෝට්ටු වලින් දැන් මහ කන්නයට වල් නාශක – කෘමි නාශක අදිනවා. 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය ඉවරයි. දැන් තියෙන්නේ බෝට්ටුවෙන් පාලනයවන කළු කඩ ආර්ථිකයක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවේ කිසිදු සොයා බැලීමකින් තොරව සිදු කරන ලද කෘෂි රසායන ආනයන තහනම හේතුවෙන් මෙසේ නීති විරේාධි ලෙස “බෝට්ටු කෘසි රසායන ලංකාවට පැමිණෙමින් තිබෙන බවයි.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරිය
“දැන් කෘමි නාශක නැතිව කුරුණෑගල බෝල් වී පඳුරු අස්වැන්නක් ලැබෙමින් තියෙනවා. දිලීර නාශක නැතිව නුවරඑළිය, මාතලේ
තේ දළු අස්වැන්න අඩුවෙලා තියෙනවා. මහ කන්නයේ මහ වැස්සට දිලීර නාශක නැති වුනොත් එළවළු – මල් වගාව විනාශ වෙනවා. අස්වැන්න අඩු වෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිලීර – කෘමි නාශක බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා. මි.ලි. 50 ක කෘමි නාශකයක්, ගෑරූම් 400 ක දිලීර නාශකයක් ගන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොලීමේ ඉන්න කොට කෘමියෝ – දිලීර වගාව විනාශ කරලා ඉවරයි. දීලිර – කෘමියෝ එන්නේ ‘ඉන්විටේෂන් දීලා නෙවෙයි’. කෘමියෝ ආවම දවසෙන් දෙකෙන් වගාව ඉවරයි. සේනා දළඹුවා කුඩිත්තාට දවසකින් දෙකකින් කෘමි නාශක ගහන්න ඕන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාව අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂි රසායන ආනයනයේ ඒකාධිකාරය තනි සමාගමකට දෙන්න හදනවා. සීනී ආනයනයේ යෙදුණු සමාගම් 67 ක් වෙනුවට සමාගම් 12 කට බලපත්‍ර දීමේ ප්‍රතිඑල අද අපි දකිනවා. මේ යොජනාවෙන් කෘෂිරසායන ආනයනයේ 87% ක ඒකාධිකාරයක් තනි සමාගමකට ලැබෙනවා. අපිට කියන්න තියෙන්නේ ‘’1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව, ලංකාවේ පළමු වරට කෘෂි රසායන ආනයනයක් ඇති කරාම ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ කෘෂි රසායන වෙළෙඳාමක්’ ඇති කරන්න ආණ්ඩුව කටයුතු කරනවා

Exit mobile version