තහනමක් ගැන කටකතාවක් නිසා ඉහළ ගිය බාස්මතී සහල් ඉල්ලුම

India Basmati

ඉන්දියාව බාස්මතී සහල් අපනයනයට තහනමක් යොදන බවට පැතිරී ගිය කටකතාවක් හේතුවෙන් මැද පෙරදිග රටවලින් ඉන්දියානු බාස්මතී සහල් මිලට ගැනීම ඉහළ ගොස් ඇති අතර ඔවුන් ඩොලර් 20- 30 ත් අතර මුදලකට සහල් ටොන් 1ක් මිලදී ගනී.

වෙළෙඳ ආරංචි මාර්ග අනුව ගෝලීය වෙළෙඳපොළෙහි බාස්මතී සහල්වල ස්ථිර මිල සීයට 15කින් ඉහළ යාමේ ප්‍රවණතාවයක් ගෙවුණු දෙසතිය තුළ දක්නට ලැබී ඇත. සහල් අපනයන මිල පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ටොන් එකක් ඩොලර් 1200ක් වූ අතර මේ වන විට එය ටොන් එකක් ඩොලර් 1350 දක්වා වැඩි වී තිබේ. ඉන්දියාවෙන් සහල් මිලදී ගන්නා මැදපෙරදිග ගැනුම්කරුවන් සහල් මිලටත් වඩා වැඩි බදු මුදලක් ගෙවනු ලබයි.

මේ අතර ඇරොමැටික් හෙවත් දිගු සහල් කඩිනමින් නැව්ගත කරන ලෙස අපනයනකරුවන්ගෙන්, ගැනුම්කරුවන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඉන්දියානු රජය සහල් අපනයනය සඳහා වාරණ දමනු ඇතැයි පැතිරී ගොස් ඇති කටකතාව මෙලෙස සහල් සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑමට හේතුව බව එරට වාර්තා පෙන්වා දෙයි.


“මැද පෙරදිගින් එක්වරම සහල් සඳහා ලොකු ඉල්ලුමක් ආවා.. ඉක්මණින් ධාන්‍ය නැව්ගත කරන්න ඉල්ලමින් ගැනුම්කරුවන් වැඩි මුදලක් අපනයනකරුවන්ට ගෙවනවා.. තිරිඟු අපනයනය තහනම් කිරීමෙන් පස්සේ බාස්මතී සහල් සඳහා අපනයන තහනමක් පනවයි කියලා පැතිරිලා ගිහින් තියෙන කටකතාව මේ වැඩි ඉල්ලුමට හේතුව…” හර්යානා ප්‍රාන්තය මූලික කර ගත් බාස්මතී සහල් අපනයකරුවෙකු වෙන ගෞතම් මිග්ලානි සඳහන් කරයි.

මේ අතර ‘ඕල් ඉන්දියා රයිස් එක්ස්පෝර්ටර්ස් ඇසොසියේෂන්’ හි අධ්‍යක්ෂ විනෝද කවුල් පවසන්නේ සහල් අපනයනය තහනම් කරන බවට කටකතාවක් කෙසේ පැතිරුණාදැයි සිතා ගත නොහැකි බවයි.

“එවැනි පියවරක් ගැන රජය කිසිම ඉඟියක් කරලා නෑ.. ඒත් ගල්ෆ් රටවලින් තමන්ගේ සහල් එකතුව පුරවාගන්න ලොකු ලොකු ඇණවුම් කරනවා..”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ ‘කරීෆ්’ උත්සව සමයේදී බාස්මතී සහල් ටොන් මිලියන 8ක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. සාමාන්‍යයෙන් වසරකදී සහල් මෙට්‍රික් 6.5 – 7ත් අතර ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනු ලබන අතර පසුගිය වසරේදී ඇති වූ අකල් වර්ෂාව හේතුවෙන් නිෂ්පාදනය කෙරුණු සහල් ප්‍රමාණය අඩු විය.

Exit mobile version