තලිබාන්ලා එක්සත් ජාතීන්ගේ සැසිය අමතයි ද?

Amir-Khan-Muttakhi

අමිර් ඛාන් මුට්ටාකි

හිටපු ඇෆ්ගනිස්තාන ජනපති විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නම් කළ නියෝජිතයා තම රජය නියෝජනය නොකරන  බැවින්  එක්සත් ජාතීන්ගේ 76වන සමුලුව ඇමතීමේ අවස්ථාව තම රජයේ නියෝජිතයෙක් වෙත ලබා දෙන ලෙස  ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන සිටින තලිබාන් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගෙන් ලිඛිත ඉල්ලා තිබේ.

තලිබාන් සංවිධානයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමිර් ඛාන් මුට්ටාකි විසින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

මේ වන විට පැවැත්වෙන ජගත් මහාමණ්ඩල සැසිවාරයේ අවසන් කථිකයා ලෙස දක්වා ඇත්තේ ඇෆ්ගනිස්තානය යි.


පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහා සමුලුවේ සංවිධාන කටයුතු මෙහෙයවන ඇමෙරිකාව , චීනය රුසියාව ඇතුළු රටවල් නවයකින් සමන්විත කමිටුව විසින් සලකා බැලීමට නියමිත බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් තලිබාන් සංවිධානයේ නියෝජිතයෙකුට මෙවර සමුලුව ඇමතීමේ අවස්ථාව අහිමි වනු ඇති බවට මත පලවෙමින් තිබේ.

Exit mobile version