තරඟකාරී මිලට වුණත් වී ගන්න රජය සූදානම්

වත්මන් රජය පළමු වරට වී මිලදී ගැනීම රුපියල් 50 දක්වා වැඩි කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දින (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පසුගිය කාල වකවානුව තුළ වී මිල රුපියල් 14ට, 20ට, 26ට සහ 28ට පැවති බවද වත්මන් රජය රට භාරගන්නා අවස්ථාවේදී වී මිල පැවතියේ රුපියල් 30ට බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. ගොවියාට පොහොර සහනාධාරය, ජලසම්පාදනය ආදී සියල්ල නොමිලේ ලබාදුන් අතර 1948 සිට මෙරට පැවති මතයක් වන ගොවියා රජකළ යුතුයි යන්න සහ මේ රටේ හරය වන භූමිය සමග පොරබදින ගොවියාත් කෘෂිකර්මයත් ආරක්ෂා කරමින් ගොවියාට අවශ්‍ය ආර්ථික වටිනාකමක් ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.


එමෙන්ම වසුගිය වකවානුවේ වෙනත් කිසිම රජයකින් එය සිදුනොවුණු බවද, තමාගේ භෝගයට සාධාරණ මිලක් නොලැබීම හා ණය තුරුස් ගෙවාගත නොහැකිව අනන්ත අප්‍රමාණ ගොවියන් වස පානය කළ ඉතාමත් කටුක අමිහිරි අතීතයක් පැවති අතර එය අමතක කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.

පෞද්ගලික අංශය වී මිලදීගැනීමේ තරගය තුළ රජයට වඩා රැපියලක් දෙකක් වැඩි මිලකට ගොවියාගෙන් වී මිලදීගැනීමට ඉදිරිපත් විය හැකි අතර ඒ සම්බන්ධයෙන් වෘත්තීයමය සහ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සකසමින් එම අභියෝගය භාරගැනීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනූව රුපියල් 50ට අවම මිල සදහන් කළද ඊට එහා මිලක් යම් තැනකින් ලැබුණහොත් එම මිලට සමාන්තර මිලක් යම්කිසි විදියේ යාන්ත්‍රණයක් හරහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඇති ආයතන හරහා මිලදී ගැනීමට තීන්දු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

Exit mobile version