තංගල්ල නගරසභා සභාපති අයවැයට බොරු කරලා… ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක වෙයි..

යළිත් අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ආණ්ඩුකාරවරයා නියෝග කරයි...

ලලිත් චාමින්ද –

තංගල්ල නගර සභාවේ සභාපතිවරයා විසින් 2021 වර්ෂය සදහා වු අයවැය ලේඛනය ඉදිරිපත් කිරිමේ දි නගරසභා අඥාපනත හා උප නිති උල්ලංඝණය කොට ඇති  බවට අනාවරණය වි ඇති හෙයින් අයවැය  ලේඛනය  නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ  විසින්  නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

සභාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාගේ නියෝගය  අනුව කටයුතු නොකළහොත් පළාත් පාලන පනතේ 184 වගන්තිය  අනුව  විනයානුකුලව කටයුතු කිරිමට  කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා  විසින්  සභාපතිවරයාට  ලිඛිතව දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තංගල්ල නගර සභාපති රවිදු දිල්ෂාන් වෙදආරච්චි   විසින් 2021 වර්ෂය සඳහා  ඉදිරිපත් කළ අයවැය ලේඛනය සඳහා  මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම පරිදි  ඡන්ද විමසිමක් ලබානොදිම පිළිබඳ ආණුඩුකාරවරයාට ලැබුණු   පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ මුලික විමර්ශනයක් කොට මෙම නියෝගය නිකුත් කොට ඇත.


 

 

Exit mobile version