ඩොලර් දී බීට් ගෙනත්… දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන පිට රට බීට් කතාව!

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට බීට්රූට් තොගයක් ලැබී ඇති බව   දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළෙඳ සංගම් සභාපති ශාන්ත ඒකනායක පවසයි.

ව්‍යාපාරිකයන් කිහිප  දෙනෙක් මේ සම්බන්ධව තමන්ට දුරකථන ඇමතුම් ලබා දී පැවසූ බවත්,     දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙම බීට් තොගය ඇවිත් ඇත්තේ  පෙරේදා බවත් සභාපතිවරයා කීවේය.

“ . මා ඊයෙ උදේ ඒ ගමන්ම ඇවිත් සොයා බැලුවා.  ඒ වෙනකොටනම් ඒ ගෙනාපු තොග විකිණිලා අවසන් වෙලා තිබුණේ. නමුත් කඩ හතරක විතර නුවරඑළියෙන් කියලා ලොරියක ඇවිත් එක කඩේ කෑලි පහක් තව කඩේක කෑලි 10ක් වගේ කිලෝ දෙදහසක් දෙදහස් පන්සියයක් විතර ප්‍රමාණයක් බාලා ගිහින් තිබුණා.  ගොවීන්ට පොහොර දෙන්නෙ නෑ. පිටරටින් මේ විදිහට ගෙන්නවනවා. මෙහෙම උනොත් ගොවියා අන්ත අසරණ වෙනවා.“


සමස්ථ ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ ක‍ළේ දඹුල්ලට ගෙනැවිත් ගොඩගසා ඇති මෙම පිටරටින් ගෙන්වූ බීට් තොගය තොග මිල රුපියල් තුන්සීයට අලෙවි කර ඇති බවය.

“මේ බීට් පිටරටින් ගෙනත් තියෙන්නෙ කිලෝවක් රුපියල් සියයක් වගේ  මිලකට. විකුණලා තියෙන්නෙ තොග මිල රුපියල් 300ට.  දැන් ඔය ගේන්නෙ කාබනිකව වගා කරපු බීට් ද?“

“ඩොලර් නෑ කියලා කෑ ගහනවා. තියන ඩොලර් ටිකත් වියදම් කරනවා අපේ රටේ ගොවියාට නිශ්පාදනය කළ හැකි ආහාර ගෙන ගේන්න.“ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව අනායනය අපනයන පාලක ජෙනරාල්   දමයන්ති රාජකරුණා මාධ්‍යයට පවසා තිබුණේ තමන් එවැනි බීට් රූට් තොගයක් රටට ගෙනඒමට අවසර ලබා දුන්නේ නැති බවය.

Exit mobile version