ටෝකියෝ ඇමතුමින් පසු උසාවි යන්න හිටි උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත ගෙදර…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරික්ෂාකාරීව රිය ධාවනය කර රිය අනතුරක් සිදුකළ ඊයේ (25) හවස සිට පොලිස් අත්අඩංගුවේ සිට අද උදේ උසාවියට ඉදිරිපත් කිරීමට සිටි ජනප්‍රිය සිනමා නිළි හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි දැනට ටෝකියෝ නුවර  සිටින ආණ්ඩුවේ ප්‍රභල දේශපාලකයෙක් දුරකථනයෙන් ලබා දුන් උපදෙස් පිට,  ප්‍රජා පොලිස් හා සම්බන්ධ නුවර ආණ්ඩුවේ දේශපාලකයෙකුගේ බලපෑමෙන් පොලිස් ඇප මත නිදහස් වී තිබේ.

කටුගස්තොට වැඩබලන ස්ථානාධිපති කේ.එන්.පී සේනාරත්න විසින් මෙම පොලිස් ඇප ලබා දී ඇත.

ඒ අනුව අනතුරට ලක් වූ තරුණයාගේ පාර්ශවය පොලිසියෙන්ම ගොස් පොලිසිය වෙත කැඳවා ඔවුන් වෙත යම් වන්දියක් ලබා දී සිද්ධිය නිමා කිරීමට  කටයුතු කරමින් සිටින බව පොලිසියේම අභ්‍යන්තර ආරංදි මාර්ග සඳහන් කරයි.   

අනතුරට පත්වී ඇත්තේ ස්කූටි වර්ගයේ යතුරුපැදියක පැමිණි වයස අවුරුදු 18ක තරුණයෙකි. ඔහු මේ වනවිට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

පොලිසිය අද උදෑසන කීවේ උපේක්ෂා ස්වරණමාලි උසාවියට ඉදිරිපත් කරන බව වුව ද මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ යතුරුපැදිකාර තරුණයාට බරපතල තත්වයක් නැති බැවින් ඇයව පොලිස් ඇප මත මුදාහරින්නට කටයුතු කළ බවය.

පසු දිනක උසාවිය ඉදිරියේ පෙනී ඉන්නට දිනයක් ලබා දෙන බවය.

Exit mobile version