ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් අතුළු 260ක් අද නිදහස්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2002 සිට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විඳමින් සිට සිරකරුවන් ඇතුළුව සිරකරුවන් 260 දෙනෙකුට අද වෙසක් පොහොය දිනයේ ජනාධිපති සමාව ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පැවසුවේය.

අධිකරණ ඇමතිවරයා මගින් දීර්ඝ වශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම සමාව ලැබුණු බවත්, යහපත් කල්ක්‍රියා සහිතව දඬුවම් කාලය ගත කළ සෑම සිරකරුවෙකුටම වසරක සිර දඬුවමක් සඳහා මාසයක් බැගින් සමාව ලබාදීමේ පදනම මත මෙම සිරකරුවන් 260 දෙනා නිදහස් කළ බව ඇමතිවරයා කීවේය.

ඒ සමාව අනුව අද ඉන් 53 දෙනෙක් නිදහස ලබන අතර ඉතිරි 194 දෙනා නිදහස් කිරීම සඳහා අනිවාර්ය දින ලබා දී ඇතැයි ද ඇමතිවරයා පැවසුවේය.

මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් බන්ධනාගාර ක්ෂේත්‍රය තුළ මින් පෙර සිදුවී නැතැයි ඇමතිවරයා කීවේය.

Exit mobile version