ජැකලින් හා දීපිකා ඉන්දියාවේ දිළිඳු සහන ලැයිස්තුවක

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි රජයේ දිළිඳු සහනාධාර ක්‍රමවේදයක් වන එම්.ජී.එන්.ආර්.ඒ.ඒ වැටුප් සඳහා වැඩ කරමින් සිටින අය බවට
බොලිවුඩ් සුපිරි තාරකාවන් වන දීපිකා පදුකෝන් සහ ජැකලින් ෆර්නැන්ඩස් සටහන් වී තිබීම සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රජයේ ගිණුම් පොත්වල ලේඛන ගත වී ඇති පරිදි ඔවුන් ජුනි සහ ජූලි සඳහා වැටුප් පවා ලබාගෙන ඇත.

පීපර්කෙඩා නාකා නමැති අතිදුෂ්කර ගම්මානයේ අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකුගේ රැකියා කාඩ්පත්වල මෙම නිළියන්ගේ ඡායාරූප ඇති බවට අනාවරණය වන්නේ එම්.ජී.එන්.ආර්.ජී.ඒ ප්‍රතිලාභීන් පිළිබඳව නම් ලැයිස්තු අන්තර්ජාලය හරහා උඩුගත කිරීමත් සමගය.


පිරිමින්ගේ රැකියා කාඩ්පත් තුළද දීපිකා සහ ජැකලින්ගේ ඡායාරූප සටහන් වීම විස්මයට කරුණක් වී ඇත.

ඇතැම් පුද්ගලයින් පවසා ඇත්තේ තම පවුලට අයත් රැකියා කාඩ්පත්වල දීපිකා පදුකෝන්ගේ සහ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්ගේ ඡායාරූප අන්තර්ගතව තිබීම දැක පුදුමයට පත්වූ බවයි.

එම්.ජී.එන්.ආර්.ජී.ඒ යනු ඉන්දියාවේ කලක සිට පවත්වාගෙන ආ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජීවනෝපාය සුරක්ෂිත කිරීමේ අරමුණින් සහනාධාර ලෙස ක්‍රියාත්මක රැකියා, වැටුප් හා දීමනා ක්‍රමවේදයකි. මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා සුරක්ෂිතතා පනත ඉන්දියාවේ කම්කරු නීතිය යටතේ ක්‍රියාත්මක වන්නකි.

මෙම ආධාර ක්‍රමවේද යටතේ එක් මූල වර්ෂයකට දින සීයක වැටුප් ක්‍රමවේදයක් සුළු රැකියා සඳහා දෛනිකව ඉන්දීය රුපියල් 208 බැගින් ගෙවන අතර දින පහළවක් අඛණ්ඩව එම සුළු රැකියා නොලැබුණු පුද්ගලයන් විරැකියා කොටසට යටත්ව දීමනා ප්‍රතිලාභීන් ලෙස වෙන් කෙරේ.

දුෂ්කර ගම්මානවල රැකියා කිරීමට අපහසු වැඩිහිටියන් වෙසෙන පවුල් බොහෝවිට මෙම ක්‍රමවේදය යටත් වන අතර එම පවුල්වල තරුණ තරුණියන් මෙම රැකියා ක්‍රමවේදය යටතේ සුළු රැකියා හා වේතන හිමි කර ගනී.

ඉන්දියාවේ ආධාර කාඩ්පත් බොහොමයක කාඩ් පත හිමිකරුගේ ඡායාරූපය දිස්විය යුතු ස්ථානයේ උපහාසය දනවන ඡායාරූප යොදා තිබීම එරට සුලබව දක්නට ලැබෙන්නකි.

ඇතැම් අවස්ථාවලදී එම ඡායාරූපයට දේවරූප මෙන්ම සුරතල් සතුන්ගේ රූප ද යොදාගෙන තිබීම දක්නට හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආධාර කාඩ්පත් භාවිත කරන දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ සාක්ෂරතාවයෙහි අඩුලුහුඩුකම්, නූගත්කම ආදී කරුණු හේතු වන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා ද සඳහන් කරයි.

Exit mobile version