ජාතික ආරක්ෂාවටට තර්ජනයක්… ඔස්ට්‍රේලියාව චීන සමාගම්වල CCTV කැමරා ගලවා දමයි!

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී රජයේ සහ හමුදා ස්ථානවලින් චීන නිරීක්ෂණ කැමරා ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රවෘත්ති ඒජන්සියක්වන නයින් නිව්ස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආරක්ෂක ඇමතිවරයා චීන ආරක්ෂක කැමර ඉවත් කිරීම පිළිබඳව අද (09) නිවේදනය කර ඇත්තේ රජයේ ස්ථානවල චීන නිරීක්ෂණ කැමරා 900 ක් සවි කර ඇති බව විගණනයකින් හෙළි වීමෙන් පසුවය.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අනුගමනය කරමින් ඕස්ට්‍රේලියාව ද තීන්දුව ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. පසුගිය නොවැම්බරයේදී එක්සත් රාජධානිය ස්වකීය රජයේ ගොඩනැගිලි සහ කාර්යාල පරිශ්‍රයන්හි නිරික්ෂණ කැමරා ලෙස චීන සීසීටීවී උපකරණ යෙදවීම නතර කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙම රජයේ ආයතන්හි ප්‍රධාන වශයෙන් සවිකර තිබූ Hikvision සහ Dahua වැනි සමාගම්වල CCTV කැමරා ඒ අනුව ඉවත් කෙරිනි. එසේ ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයට හේතු වූයේ , එම සමාගම් දෙක චීන රජයට ඇති සම්බන්ධකම්ය.


එය සිදුවූයේ එක්සත් රාජධානියේ නිරීක්ෂණ කැමරා පද්ධති පිළිබඳ ප්‍රධානී මහාචාර්ය ෆ්‍රේසර් සැම්ප්සන් විසින් බ්‍රිතාන්‍ය වීදිවල බහුලව දක්නට ලැබෙන චීනයේ නිෂ්පාදිත CCTV කැමරා පිළිබඳව 2022 මැයි මාසයේදී අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසුවය.

මහාචාර්ය ෆ්‍රේසර් සැම්ප්සන් පැවසුවේ රටේ පොදු අවකාශයන් ආවරණය කරන රාජ්‍ය පාලිත නිරීක්ෂණ පද්ධති සම්බන්ධ ආරක්ෂක අවදානම් පිළිබඳව තමන් වැඩි වැඩි වශයෙන් සැලකිලිමත් වන බවය.

දැන් නයින් නිව්ස් වලට අනුව, ඕස්ට්‍රේලියානු රජය Hikvision සහ Dahua සන්නාම යටතේ එන චීනයේ නිෂ්පාදිත CCTV පද්ධතිවලට එරෙහිව පියවර ගනිමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, හික්විෂන් බීබීසීයට පැවසුවේ රටේ ජාතික ආරක්ෂාවට ස්වකීය කැමරා පද්ධතිය තර්ජනයක් ලෙස ඔවුන් මේ කරන ප්‍රකාශය “සම්පූර්ණයෙන්ම අසත්‍ය පදනම් විරහිත එකක් ” බවය.
“කිසිදු ගෞරවනීය තාක්ෂණික ආයතනයක තක්සේරුවක් හෝ නිගමනයක් මේ තීන්දුවට පදනම් වී නෑ… ” ඔවුන් පවසා ඇත.
අවසාන පරිශීලකයින්ගේ වීඩියෝ දත්ත වෙත ප්‍රවේශ විය නොහැකි බවත් එබැවින් එය තෙවන පාර්ශවයකට සම්ප්‍රේෂණය කළ නොහැකි බවත් සමාගම පවසා තිබේ.

Exit mobile version