ජර්මන් කොම්පැනි කිහිපයකුත් ශ්‍රි ලංකාව අත හැර යන  සූදානමක !

භාණ්ඩ ආනයනය සඳහා පවතින තහනම තවත් වසර දෙකක් පමණ ක්‍රියාත්මක වුවහොත් ශ්‍රි ලංකාවේ පිහිටුවා ඇති ජර්මානු ව්‍යාපාර රටෙන් ඉවත් කර ගැනීමේ සූදානමක් ඇති බව ජර්මන් තානාපතිවරයා පවසා ඇත. ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබට්  මේ බව පවසා ඇත්තේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් හමුවූ අවසථාවේදීය.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මේ වනවිට බොහෝ විදේශ ආයතන භාණ්ඩවලට සීමා පනවා ඇති අතර පසුගිය කාලයට සාපෙක්ෂව එම සීමා සුලු ලිහිල් කිරීමකට ලක්කර ඇත.

එසේ වුවද ඇතැම් සමාගම්වලට සිය ව්‍යාපාර මෙහෙයුම් සඳහා දරුණු ලෙස බලපා ඇති අතර මේ හේතුවෙන් මෙම සමාගම් ශ්‍රි ලංකාව අතහැර යාමට සූදානමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ ශ්‍රි ලංකාව අතහැරීමට බලාපොරොත්තුවෙන් සිටින ජර්මන් සමාගම් අතර මෝටර් රථ සහ අමතර කොටස් ගෙන්වීමේ සමාගමක්ද ඇති බව ඔහු පවසා ඇත. 

Exit mobile version