ජයරුවන් අස්වුනේ තමන්ගෙ කැමත්තෙන්…. පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී කියයි….

මාධ්‍ය ප්‍රකාශක ලෙස  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා   කටයුතු කරන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර   එම තනතුරෙන් ඉවත්වූයේ ස්වකැමැත්තෙන්  බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.

හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසංහ ද උසස්වීමක් ලබා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වූ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වන කොවිඞ් රැස්වීම්වලට ඔහු අඛණ්ඩව කැඳවන බවද ඇමැතිවරිය කීවාය.

ඇමැතිවරිය මේ බව කියා සිටියේ  බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරී විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොවිඞ් පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වීමට දායකවූ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කිරීම සහ ඇමැතිවරිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් තමා ඉවත් කළ බවට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කරන ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රී චමින්ද විජේසිරී විමසා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයි කීවේ  වෛද්‍ය අනිල් ජාසිංහට උසස් වීමක් ලැබුණු බව හා  ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ නව සෞක්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්වනතුරු පමණක් බවය.   නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බව තමා විසින් දැන්වූ පසු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කැමැත්තෙන් ඉවත්වූ බවද කීවාය.

Exit mobile version