ජනාධිපති මාධ්‍ය ලොක්කන්  වීමට පෙර අරගලයේ සිටි ධනුෂ්ක සහ ශානුක අරගලය බලන්න ගිහින්!

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ (විද්‍යුත්) ශානුක කරුණාරත්න   ගාලුමුවදොර අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ කිතුණු ආගමික පූජකවරුන් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවක නිරතවූ අයුරු මාධ්‍ය වාර්තා කළේය.

විශේෂත්වය වන්නේ  ධනුෂ්ක රාමනායකට මෙන්ම ශානුක කරුණාරත්නට මේ අරගල භූමිය ඉතාම හුරුපුරුදු ස්ථානයක් වීමය. ඔවුහු  පුරෝගාමී අරගලකරුවන්  ලෙස පසුගිය වකවානුව තුළ සිය දේශපාලන භූමිකාව දියත් කළ ආකාරය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පෙරේදා (27) පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ දෙපල ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ජනාධිපති  ධූරයේ රනිල් වික්‍රමසිංහ වැඩ භාරගත් පසු අරගලය නිමා කළ බවත්  තමන් ඔවුන්ට සුබ පතන බවත් ප්‍රසන්න රණතුංග වැඩි දුරටත් පැවසුවේය.  පසුගිය වකවානුවේ ‍ෙධනුෂ්ක රමානයක සිටියේ 43 සේනාංකයේ චම්පික රණවක සමගය. අනතුරුව  ඔවුහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ තනතුරුවල වගකීම් භාරගත්හ.

කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29)    විරෝධතාවක  නිරතවෙමින් සිටියේ අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලමිනි.


‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ඔවුන් අත විය.

මේ උද්ඝෝෂකයින් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතර දී දුටු බව පවසා ඔවුන් දෙපළ  එම ස්ථානයෙන් බැස විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර පිටවී ගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය පොලිස් කණ්ඩායම් දෙකක පරීක්ෂාවට ලක් වූ අතර පළමු කණ්ඩායම එක් පොලිස් නිලධාරියෙක් සමග පැමිණි සිවිල් පුද්ගලයින්ගෙන් සමන්විත වූ බවත් කිසිදු වරෙන්තුවක් නොපෙන්වා තමන් පැමිණි පොලිස් ස්ථානය ගැන හෝ නොපවසා බලහත්කාරී ප්‍රවේශයකින් නීති විරෝධීව කටයුතු කළ බව එම පක්ෂය නිවේදනය කර තිබිණි.

 

Exit mobile version