ජනවාරි 21 රට සංචාරකයන්ට විවෘතයි හරියට වැඩේ නොකළොක් ආයතනය “බ්ලැක් ලිස්ට්”

ජනවාරි 21 වෙනිදා සිට රට සංචාරකයන්ට විවෘත කෙරෙන අතර ඔවුන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛන (Blacklist) ගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන බවද ඔහු පෙන්වා දෙයි.
ජනවාරි 21 දා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන ,හෝටල් හිමියන් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන් දැනුවත් කිරීම සඳහා ඊයේ (11) පැවැති රැස්වීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයේදී රැස්වීම පැවැත්විණ.
සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමේදී අඳාල සංචාරක ආයතන සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත්
සංචාරකයන් ගමන් කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කළ යුතු බවත් ඇමතිවරයා මෙහිදී කීවේය. එම දැනුම් දීම කළ විට සංචාරකයන් මෙරටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය පූර්ණ අධීක්ෂණයකට ලක්කරනු ඇත. මේ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කරන බවද ඇමතිවරයා කිවේය.

කටුනායක හා මත්තල ගුවන්තොටුපල 21 වන දින සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය.


සංචාරකයන් දිවයිනට පැමීණීම වෙනමත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් දිවයිනට පැමීණීම වෙනමත් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපලේදී හෝ රට තුලදී සංචාරකයන් මෙරට වැසියන් හා මුහු නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකරන කිසිදු රටකින් සංචාරකයන් ගෙන්වීමේ කිසිදු සූදානමක් නැතැයිද ඇමතිවරයා අවධාරණය කළේය.

Exit mobile version