ජනපති පිටියට බසී… තිසර සීරුවට පන්දු එවයි!

විධායක ජනාධිපතිවරයෙකුට බෝල දමන්නට හැමෝටම බැරිය. ඒ විරල අවස්ථාව අද තිසර පෙරේරා විසින් අත් කරගත්තේය.

ඒ යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය ට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රීඩාංගනය විවෘත කිරීමෙන් පසු පිත්තක් ද රැගෙන පිටියට බසින ලද අවස්ථාවේ දී ය.

යුද හමුදාපති ආරක්ෂක ලේකම් පිච් එක වටේ බලාගෙන සිටියේය.


හිටපු ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා සීරුවට පන්දු යැව්වේය. ජනාධිපති තුමා සිනාමුසු මුහුණුනින් පන්දුවට පහර දුන්නේ පාදයක්  ඉදිරියට  තබමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩක අජන්ත මෙන්ඩිස් ද එක් වී සිටියේය. අනතුරුව පන්දුව සහ පිත්ත සමරු තිලිණ කරමින් ජනපති විසින් අත්සන් කර යළි භාර දුන්නේය.

 

Exit mobile version