ජනපතිට චීනයේ පූර්ණ සහය දෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා පවසයි…

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැංවීමේ ජනපතිගේ ප්‍රයත්නයට චිනයේ පූර්ණ සහාය දෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව  චින විදේශ කටයුතු උප අමාත්‍ය  සන් වෙයිඩොං (Sun Weidong)   අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා  ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බව ද ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ   හමු වූ අවස්ථාවේ දී චීන උප ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට චීනය ලබාදුන් නොසැළෙන සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන උප ඇමතිවරයා වෙත සිය කෘතඥතාවය පළ කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට චීනයේ කැපවීම අවධාරණය කළ උප අමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථා සොයා බැලීමට චීනය උනන්දුවෙන් පසුවන බව ද කියා තිබේ.

Exit mobile version