චීන හාල් කාබනික ද? ශ්‍රී.ල.නි.ප.යේ නන්දසේන ආණ්ඩුවෙන් අසයි!

පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග ආදාහනාගාරය බවට පත් කළා….

චීනයෙන් මෙරටට ගෙන්වීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 නිපදවා ඇත්තේ කාබනික පොහොර යොදා ද යන්න රජයට ස්ථිර ප්‍රකාශයක් කළ හැකිද යන්න තමා ප්‍රශ්න කරන බව හිටපු ආහාර හා අලෙවි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හදබිම අධිකාරියේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක නන්දසේන හේරත්   පවසයි.

කාබනික වගාවක් සඳහා රටේ කෘෂිකර්මාන්තය රැගෙන යන බව කියමින් රටේ කෘෂිකර්මාන්තය වළපල්ලට දැමූ වත්මන් රජය පෙරදිග ධාන්‍යාගාරය වෙනුවට පෙරදිග ආදාහනාගාරය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ වෑයමක නියැලෙන බව පැහැදිලිව දක්නට ලැබෙන බව ද කීය.


රටේ එවකට ආහාර හා අලෙවි සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරද්දී චීනයේ කාබනික වගා ව්‍යාප්තිය පිළිබඳ වැඩමුළු සඳහා තමන් සහභාගි වී ඇති බවත් ඒ සෑම අවස්ථාවකම චීන රජය යූරියා භාවිතයෙන් වගාකරන ගොවිබිම් පෙන්නුවා විනා කාබනික වගාවක් සඳහා යොමුව ඇති වගාබිම් නොපෙන්වූ බව ද හෙතෙම කීය.

මේ වන විට කෘෂි කර්මාන්තයට යොමු වී ඇති ගොවියන් බීජ නිෂ්පාදකයින් ආහාර නිෂ්පාදකයින් ඇතුළු මස්ත ගොවි ප්‍රජාව ගේ ජීවත්වීමේ අයිතිය වත්මන් රජය විසින් උදුරා ගෙන ඇති බව ද ඔවුහු මේ වන විට දැඩි අසරණභාවයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.

ෙසහල් මිල පාලනය සඳහා චීනයෙන් සහල් ගෙන්වීමට පියවර ගන්නා බවට පුන පුනා ප්‍රකාශ නිකුත් කළ ද මේ සිදු කරන්නේ ඉදිරි කන්න වලදී රටේ ඇති වන සහල් හිඟයට පිළියම් ලෙස සහල් ගැන්වීමක් බව ද දිනෙන් දින වත්මන් රජය ජනතාව මුලා කරමින් තම තමන්ගේ බඩ වඩා ගන්නට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමතිවරයා අද ප්‍රකාශ කළේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය එකඟ වූ බවය.

ඇමතිවරයා කීවේ  1952 දී ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අත්සන් කරන ලද ලංකා-චීන රබර්-සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙය සිදු කිරීමට නියමිත බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සහල් තොගය අප්‍රේල් මාසයට පෙර ශ්‍රී ලංකාවට ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේය.

 

 

Exit mobile version